Sunday, June 10, 2012

පාස්ට් ඊස් ද බෙස්ට් !!!



හන්තාන් කඳු පෙලට - මහවැලිය කොමළියට
බැඳුණු කවි ගී වලට - ලොබ බැන්ද සරන්නට

                                                              රසය දැක විඳ ගන්ට - කිති කැවෙන හිත් ගැබට
                                                              හිතුනාද යයි කියා - සිව් වසක් දනි පනිව

ඉස්කෝලේ වැඩ වැඩිලු -යුනිවර්සිටි හරි ජොලිලු
ආවහම  හිතුනෙනම් - ඉස්කෝලෙ වැඩ අඩුලු

                                                             ලැබ්, ටියුට්‌, සබ්මිෂන් - ඩිග්රියට විතරයිලු
                                                             ඉවරවෙයි අද හෙටම - මඟ බලන් හිටියාලු

ඇත්තමයි ඔව තමයි - සබ්මිෂන් ඉවරයිලු
එත් නෑ නිදහසක් - ඔළුව තව බරවෙයිලු

                                                             හැමදාම කරපු ලෙස - අදත් දැන් තියෙන්නේ
                                                             කටු කකා ගෙවාගිය - සිව් වසක් මතක් කර
                                                             නෙතඟ කඳුළක් හොවා - කෑ ගසා කියන එක


                                     ඒ කාලෙ කොච්චර සුන්දරද...!

                                                                                        
                                                                      අන්තිම අවුරුද්දෙ, අන්තිම සෙමෙස්ටරේ
                                                                                       අන්තිම එක්සෑම් එකේ, අන්තිම සබ්ජෙක්ට් එකේ
                                                                                       අන්තිම පැයේදී

No comments:

Post a Comment