Sunday, April 29, 2012

තුන්වැනි සීනුව

අපි කවුරුත් කරන්නෙ කාගෙවත් උවමනාවකට කාගෙවත් හිත පිනවන්න වැඩ කරන එක මිසක් අපිට උවමනා දේ නෙමෙයි. පේරාදෙණිය ඉංජිනේරු පීඨ කලා කවයෙන් අපි කරපු "තුන්වැනි සීනුව" නාට්‍යය කතා කරන්නෙ මේ මාතෘකාව ගැන.
ගොඩ දෙනෙක්ගෙ දින සති මාස ගානක මහන්සියෙ ප්‍රථිඵලයක් විදියට නාට්‍යය ගොඩක් සාර්ථකව සරච්චන්ද්‍ර එළිමහන් රන්ග පීඨයෙ එළි දක්වන්න පුලුවන් වුණා. විශ්ව විද්‍යාල ජීවිතයෙ ලබපු හොඳම අත්දැකීමක්.
මේ නාට්‍යයෙ විශේෂත්වය මේකෙ සම්පූර්ණ නිර්මාණ අයිතිය කලා කවය සතු වීම.පිටපත, රංගනය, අධ්‍යක්ෂණය, සංගීතය, ගායනය, වේදිකා සැරසිලි සියල්ලක්ම කලාකවයෙ සහෝදරත්වය අතින් නිර්මාණය වුණු දේවල්. නාට්‍යයෙ තිබුණ අන්තිම සින්දුවත් එහෙමයි. මේ තියෙන්නෙ ඒ සින්දුව.



video sounds නම් ටිකක් විතර upset වුණාට drama එකේදි සින්දුව පෙන්නුවෙ මෙන්න මේ විදියට